12/01/2026
2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම (දිඹුලාගල ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල හා සිංහල මාධ්‍ය පෙරපාසල)
දිඹුලාගල ප්‍රාදේශීය සභා ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල හා සිංහල මාධ්‍ය පෙරපාසල පරිශ්‍රය
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල හා සිංහල මාධ්‍ය පෙරපාසල සඳහා 2026 වර්ෂයට අදාළ නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2026 ජනවාරි 12 වන දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.මෙම උත්සවය අති ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ වූ අතර, දරුවන්ගේ අධ්‍යාපන ජීවිතයේ නව පියවරක් සනිටුහන් කරන මෙම අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් සහ ගරු රුවනි වාසනා ජයසුන්දර මන්ත්‍රීතුමියගේ ගරු සම්මානනීය සහභාගීත්වය හිමි විය.
උත්සවය තුළ නවක සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් සඳහා ආශිර්වාද පූජාවන් පවත්වා, පෙරපාසල් අධ්‍යාපනයේ වැදගත්කම, දරුවන්ගේ මනෝ–ශාරීරික සංවර්ධනය හා ආචාරධර්ම ගුණධර්ම වර්ධනය පිළිබඳව අදහස් ද ප්‍රකාශ කරනු ලැබීය.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන මෙම පෙරපාසල් මඟින් ප්‍රදේශයේ දරුවන්ට ගුණාත්මක, සුරක්ෂිත හා විනයාත්මක අධ්‍යාපන පරිසරයක් සපයමින්, ඔවුන්ගේ අනාගත අධ්‍යාපන ගමන ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් කටයුතු කරයි.මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට පෙරපාසල් ගුරු මණ්ඩලය, ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විසින්ද සක්‍රීය සහයෝගය ලබාදී තිබුණි.