30 March 2021
🪔 වෙසක් සතියේ විශේෂ නිවේදනය🪔
🪔 වෙසක් සතිය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් 🪔
ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ වෙසක් පුන් පොහෝ දිනය හා ඒ ආශ්රිත ආගමික වාතාවරණය සුරක්ෂිත කිරීමේ අරමුණින්, 2026 වර්ෂයේ මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දින දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, ආගමික සාරධර්ම ආරක්ෂා කරමින් ජනතාවට නිදහස් හා සාමකාමී වෙසක් උත්සවයක් සැමරීමට අවස්ථාව සැලසීම සඳහා 2026 මැයි මස 30, 31 සහ ජූනි මස 01 යන දිනයන්හි දී දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පහත සඳහන් ස්ථාන සහ ව්‍යාපාර තාවකාලිකව වසා තැබීමට කටයුතු කළ යුතු බව දැනුම් දෙනු ලැබේ.
🔸 මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන
🔸 මස් මාංශ අලෙවිසැල්
🔸 සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය
🔸 රේස් බුකී මධ්‍යස්ථාන
🔸 කැසිනෝ ශාලා
🔸 සමාජ ශාලා
මෙම කාලසීමාව තුළ වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික වටිනාකම් රැක ගනිමින්, සාමය, කරුණාව, අහිංසාව හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරමු.
☸️ වෙසක් සතිය ආගමික සිතුවිලි වලින් පිරුණු, සාමකාමී හා පුණ්‍යමය කාලයක් බවට පත් කරගැනීමට අප සැම එක්ව ක්‍රියා කරමු.
🕊️ සියලු ජනතාවට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!