18/06/2026

📚✨🌊 “මාසෙට පොතක් | Book Talk by the Lake”☕📖

slider image

 දළුකාන වැව අද්දර


📚✨🌊 “මාසෙට පොතක් | Book Talk by the Lake” වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය ☕📖

කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින්, පොත් ලෝලීන්ට සාහිත්‍යමය රසවින්දනයක් සහ ගැඹුරු බුද්ධිමය සංවාදයක් සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සංවිධානය කරන ලද “මාසෙට පොතක් | Book Talk by the Lake” වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පැවැත්වීමට හැකි විය.

වැව් දියරැලි මතින් හමන සිසිල් සුළඟත්, සොබාදහමේ සුන්දරත්වයත් සමඟ පැවති මෙම සුවිශේෂී සාහිත්‍යමය හමුවේදී, “ගුරු ගීතය” කෘතිය ඇසුරින් අල්තිනායිගේ ජීවිතය පිටුපස සැඟවුණු සැබෑ වීරයා වන දුයිෂේන් චරිතය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදු කරන ලදී.

🎙️ ප්‍රවීණ සාහිත්‍ය විචාරක මර්වින් ප්‍රනාන්දු මහතාගේ දේශනය සහ සංවාදය තුළින් කෘතියේ චරිත නිරූපණය, මානවීය වටිනාකම්, අධ්‍යාපනයේ බලය, කැපවීම සහ සමාජයට ලබාදෙන පණිවිඩ පිළිබඳව පුළුල් හා අර්ථවත් සාකච්ඡාවක් පැවැත්විණි. සහභාගී වූවන්ගේ අදහස් හුවමාරු කරගැනීම් සහ ප්‍රශ්නෝත්තර සැසිය වැඩසටහනට තවත් ජීවයක් එක් කළේය.

🌟 මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, ලේකම්තුමන්, පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපතිතුමන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, රාජ්‍ය නිලධාරීන්, ගුරුභවතුන්, සිසු දරු දැරියන්, පොත් ලෝලීන් සහ සාහිත්‍ය රසිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

☕📚 සහභාගී වූ සැමට උණුසුම් කෝපි සංග්‍රහයක් ද පිරිනැමුණු අතර, සොබාදහම හා සාහිත්‍යය එක්වන මෙම අද්විතීය අත්දැකීම සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් විය.

💚 කියවීමේ පුරුද්ද ශක්තිමත් කරමින්, සිතුවිලි පුබුදවන සහ දැනුම බෙදාගන්නා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කිරීමට අපේක්ෂා කරමු.

📚🌊☕ “මාසෙට පොතක්” “පොතක් කියවීමෙන් දැනුම වැඩේ… දැනුම බෙදාගැනීමෙන් සමාජය වැඩේ…” ✨📖🤝

Top