19/06/2026
🛣️ “පුනරුදයට මග” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය -අරලගංවිල ඇල්ලෙවැව මාර්ගය සංවර්ධනය🛣️
අරලගංවිල ඇල්ලෙවැව
🛣️ “පුනරුදයට මග” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අරලගංවිල ඇල්ලෙවැව මාර්ගය සංවර්ධනය කිරීමේ ආරම්භක උත්සවය සාර්ථකව පැවැත්විණි 🛣️
උතුරු මැද පළාත් පලාත් පාලන, මහා මාර්ග, ග්‍රාම සංවර්ධන, නිවාස, පරිසර හා වනිතා කටයුතු, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පුනරුදයට මග” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අරලගංවිල ඇල්ලෙවැව මාර්ගය සංවර්ධනය කිරීමේ ආරම්භක උත්සවය 2026 ජූනි මස 19 වන දින පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක හා පහසු ප්‍රවාහන පහසුකම් සැලසීම මෙන්ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ වෙත ප්‍රවාහනය පහසු කිරීම සහ ජනතාවගේ දෛනික ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී. සරත් මැතිතුමන්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මැතිතුමන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්තුමන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුතුමන් සහ නිලධාරීන්, මෙන්ම ප්‍රදේශයේ විශාල ජනතා පිරිසක් සහභාගී වූහ.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු. 76,306,650.00 ක ගිවිසුම්ගත මුදලක් වෙන් කර ඇති අතර, ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කැනෝලා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඉංජිනියරින් (පුද්ගලික) සමාගම කටයුතු කරයි.
🌿 මෙම සංවර්ධන කටයුත්ත සම්පූර්ණ වීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට වඩාත් ආරක්ෂිත හා කාර්යක්ෂම මාර්ග පහසුකම් හිමිවන අතර, ප්‍රදේශයේ සමාජ හා ආර්ථික සංවර්ධනයට නව ජවයක් එක්වනු ඇත.
🤝 ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ග්‍රාමීය සංවර්ධනයට නව පියවරක් තබන “පුනරුදයට මග” ව්‍යාපෘතිය, සංවර්ධිත හා සම්බන්ධිත ගම්මාන බිහිකිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.