28/07/2026

දිඹුලාගල කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ.

slider image

 


🚧 දිඹුලාගල කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය අද ඇරඹේ.🛣️
දිඹුලාගල ප්රාදේශීය ජනතාවගේ දෛනික ගමනාගමනය පහසු කිරීම සහ ප්රදේශයේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්රියාත්මක වන කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය අද දින සංඝරත්නයේ ආශිර්වාදය මධ්යයේ ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ගරු ටී.බී. සරත් මහතා , පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු සුනිල් රත්නසිරි මහතා, දිඹුලාගල ප්රාදේශීය සභා සභාපති ගරු ගයාන් චතුරංග මහතා, ප්රාදේශීය සභා මන්ත්රීවරුන්, රාජ්ය නිලධාරීන් සහ ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
📌 ව්යාපෘති තොරතුරු
💰 මූල්ය ප්රතිපාදනය : ප්රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්යංශය – ග්රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 2026
💵 කොන්ත්රාත් මුදල : රු. 32,635,937.00
📏 සංවර්ධනය කරන දුර : කිලෝමීටර් 1.12
🏗️ කොන්ත්රාත් ආයතනය : A.D.M. Construction
📋 අධීක්ෂණය : දිස්ත්රික් ලේකම් කාර්යාලය – පොළොන්නරුව
🗓️ ආරම්භක දිනය : 2026.07.30
🏁 අවසන් කළ යුතු දිනය : 2026.09.30
මෙම ව්යාපෘතිය සාර්ථකව නිමවීමත් සමඟ ප්රදේශවාසීන්ගේ ගමනාගමනය, ආරක්ෂාව සහ ආර්ථික ක්රියාකාරකම් සඳහා විශාල පහසුවක් සැලසෙනු ඇත.

Top