12/03/2026
🌸“දිරිය කතුන් 2026” රසවින්දන වැඩසටහන හා සම්මාන උළෙල🌸
දිඹුලාගල ප්‍රාදේශිය සභා පරිශ්‍රය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව “දිරිය කතුන් 2026” වැඩසටහන් මාලාව සාර්ථකව පැවැත්විනි .
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද “දිරිය කතුන් 2026” වැඩසටහන් මාලාව සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ 2026.03.12 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී උත්සවශීලීව සහ සාර්ථකව පැවැත්විනි.
මෙම වැඩසටහන සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් රත්නසිරි මැතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ. එමෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයන්, ස්වයංරැකියාකාරිනියන් සහ ප්‍රදේශවාසී ජනතාවද විශාල වශයෙන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී දිඹුලාගල ප්‍රදේශයේ දිරිය කාන්තාවන්ගේ අතින් නිම වූ විවිධ නිෂ්පාදන හා නිපැයුම් ප්‍රදර්ශනය කිරීම සිදු වූ අතර, ඒවා නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ අවස්ථාවක්ද සලසා තිබුණි. ගෘහස්ථ නිෂ්පාදන, ආහාර වර්ග, හස්ත කර්මාන්ත නිර්මාණ සහ ස්වයංරැකියා ව්‍යාපාරයන්ට අදාළ නිෂ්පාදන රැසක් මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබුණි.
එදින දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රය පුරා වෙළඳ කුටි ගණනාවක් පිහිටුවා තිබූ අතර, දිරිය කතුන් විසින් නිම කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් සහ අලෙවි කරමින් එම අවස්ථාව උද්යෝගයෙන් පිරුණු උත්සවමය වාතාවරණයක් බවට පත්විය.
මෙහි විශේෂිතම වැඩසටහන් ලෙස ගීත රසවින්දන වැඩසටහන හා සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරාධිත අමුත්තන් සමගින් පැවැත්විණි.
මෙම වැඩසටහන මඟින් කාන්තාවන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම, ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීම සහ ස්වයංරැකියා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වූ බව සංවිධායකයින් පෙන්වා දෙන ලදී.