13/03/2026
සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමේ වැඩසටහන
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමේ වැඩසටහනක් අද දින දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මෙම වැඩසටහන යටතේ සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීම සඳහා ආධාර වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක්පත් ලබාදීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් රත්නසිරි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්තුමිය, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර රැසක් දැඩි ලෙස ආපදාවට ලක්වී තිබූ අතර, එම ව්‍යාපාරිකයන්ගේ ජීවනෝපාය හා ආර්ථික ක්‍රියාකාරකම් නැවත ස්ථාපිත කිරීම අරමුණ කරගෙන මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී ප්‍රදේශයේ ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වී ඔවුන්ගේ ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීම සඳහා මෙම ආධාර ලබා ගත්හ. මෙම ආධාර මඟින් ව්‍යාපාරිකයන්ට ඇති වූ ආර්ථික අපහසුතා යම් පමණකට හෝ අවම කරමින්, නැවත ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ශක්තියක් ලබාදීම අපේක්ෂා කරයි.
එමෙන්ම, ආපදා අවස්ථාවන්හිදී ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා රජය හා ප්‍රාදේශීය පාලන ආයතන එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන් ප්‍රදේශයේ ජනතාවට විශාල සහනයක් සපයන බවද මෙම අවස්ථාවේදී සඳහන් විය.