21/05/2026
නව මිල්ලාන ග්‍රාමයේ උපාලි මහතාගේ නිවස අසල සිට ගැමුණු මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය
නව මිල්ලාන ග්‍රාමයේ උපාලි මහතාගේ නිවස අසල සිට ගැමුණු මහතාගේ නිවස දක්වා මාර්ගය
📍 ග්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ නව මිල්ලාන ග්‍රාමයේ උපාලි මහතාගේ නිවස අසල සිට ගැමුණු මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු 2026/05/19 දින ආරම්භ කරන ලදී. 🧡💪
ප්‍රදේශවාසී ජනතාව දිගු කාලයක් මුහුණ දුන් ගමනාගමන අපහසුතා අවම කරමින්, දෛනික ගමන් බිමන් පහසු කිරීම මෙම සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. වර්ෂා කාලයේදී මඩ සහිත හා අබලන් තත්ත්වයට පත්ව තිබූ මෙම මාර්ගය සංවර්ධනය කිරීමත් සමඟ පාසල් සිසුන්, ගොවීන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසී සියලු දෙනාටම වැඩි පහසුවක් හිමිවනු ඇත.
එමෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් ශක්තිමත් කිරීම තුළින් ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ද මෙය විශාල ශක්තියක් වනු ඇත. ජනතා අවශ්‍යතා හඳුනාගෙන, ගම්මාන සංවර්ධනය කරා ගෙන යාම සඳහා මෙවැනි ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. 🚜🛣️✨