14/07/2026
ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම – දිඹුලාගල ප්රාදේශීය සභා බල ප්රදේශය

ප්
රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම – දිඹුලාගල ප්
රාදේශීය සභා බල ප්
රදේශය

2026.07.14 දින දිඹුලාගල ප්
රාදේශීය ලේකම් කාර්යාලයේදී දිඹුලාගල ප්
රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම විධිමත්ව හා සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පොලොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ දිඹුලාගල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු සුනිල් රත්නසිරි මහතාගේ ප්රධානත්වයෙන්, දිඹුලාගල ප්රාදේශීය ලේකම්තුමිය, දිඹුලාගල ප්රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස මන්ත්රීවරුන්, රජයේ විවිධ ආයතනවල ප්රධානීන් හා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම රැස්වීමේදී දිඹුලාගල ප්
රදේශයේ ජනතාවගේ යහපත වෙනුවෙන් ක්
රියාත්මක වන සහ ඉදිරියේදී ක්
රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. ප්
රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් හා ප්
රායෝගික විසඳුම් ලබාදීම සඳහා අදාළ ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්
යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

ප්
රදේශයේ පානීය ජල පහසුකම්,

මාර්ග හා පාලම් සංවර්ධනය,

යටිතල පහසුකම් සංවර්ධනය,

සෞඛ්
ය සේවා වැඩිදියුණු කිරීම,

අධ්
යාපන ක්ෂේත්
රයේ අවශ්
යතා,

ග්
රාමීය සංවර්ධන වැඩසටහන් සහ ජනතා සුබසාධනයට අදාළ කරුණු පිළිබඳ සවිස්තරාත්මකව අදහස් හුවමාරු කරගනිමින් ඉදිරි ක්
රියාමාර්ග සැලසුම් කරන ලදී.
මෙම රැස්වීම තුළින් ප්රදේශයේ සංවර්ධනය වේගවත් කිරීම, රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා ප්රතිඵලදායක රාජ්ය සේවාවක් ලබාදීම සඳහා සියලු පාර්ශවයන්ගේ ඒකාබද්ධ කැපවීම යළිත් තහවුරු විය.

එක්ව සැලසුම් කරමින්… එක්ව සංවර්ධනය කරමින්… දිඹුලාගලේ යහපත් අනාගතයක් උදෙසා!
#dimbulagala_pradeshiya_sabha #Dimbulagala #Polonnaruwa #RegionalCoordinationCommittee #CommunityDevelopment #InfrastructureDevelopment #PublicService #LocalGovernment #SriLanka #Development #WorkingTogether #DPS #dps_media
Top