08/05/2026

🚜වාහන හා යන්ත්‍රෝපකරණ සේවා කිරීමේ මධ්‍යස්ථානය ඉදි කිරීම.🔧

slider image

 දිඹුලාගල ප්‍රාදේශිය සභාව


📍 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

🔧🚜 ජනතා මුදල් සුරකිමින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙත තවත් පියවරක්…

දිඹුලාගල ප්‍රාදේශීය සභාව සතු වාහන හා යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සහ සේවා කිරීම සඳහා නව සේවා ස්ථානයක් අද දින ප්‍රාදේශීය සභා පරිශ්‍රය තුළ නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම සේවා ස්ථානය ආරම්භ කිරීමත් සමඟ, සභාවට අයත් ටිපර් රථ, ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර, ජල බවුසර්, කැබ් රථ සහ අනෙකුත් වාහන නිසි පරිදි නඩත්තු කිරීම සභාව තුළම සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

මීට පෙර වාහන සේවා හා අලුත්වැඩියා කටයුතු සඳහා බාහිර ආයතන වෙත විශාල මුදලක් වැය කිරීමට සිදුවූ අතර, මෙම නව වැඩසටහන හරහා එම වියදම් සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම වාහන අක්‍රීයව පවතින කාලය අවම කරමින්, ජනතා සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා වේගවත්ව ඉටු කිරීමටද මෙය මහත් පිටුවහලක් වනු ඇත.

🛠️ මෙම වැඩපිළිවෙල හරහා,
▪️ සභාවේ වියදම් අවම කිරීම
▪️ වාහන නඩත්තු කාර්යක්ෂමතාව ඉහළ නැංවීම
▪️ සේවා සැපයීමේ වේගය වැඩි කිරීම
▪️ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම
▪️ ජනතා බදු මුදල් නිසි කළමනාකරණයකින් භාවිතා කිරීම
යන අරමුණු සාර්ථක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී මෙම සේවා ස්ථානය තවදුරටත් සංවර්ධනය කරමින්, අනෙකුත් රාජ්‍ය ආයතන සතු වාහන සඳහාද සේවා සැපයීම ආරම්භ කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඒ හරහා රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවය වර්ධනය කරමින්, ප්‍රදේශයේ රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.

🧡💪 “ජනතාවගේ බදු මුදල් උපරිම වගකීමෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කරමින්, ජනතාවට උපරිම සේවාවක් හා ප්‍රතිලාභ ලබාදීම” දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන අරමුණයි.

Top