16/04/2026
♻️ දිඹුලාගලේ හෙට දවස වෙනුවෙන් තවත් දැවැන්ත පියවරක්…! 🌱
දිඹුලාගල දඹගහ උල්පත
♻️ දිඹුලාගලේ හෙට දවස වෙනුවෙන් තවත් දැවැන්ත පියවරක්…! 🌱
දිඹුලාගල ප්‍රදේශීය සභාව සඳහා දිගුකාලීනව බරපතල අවශ්‍යතාවයක්ව පැවති දඹගහ උල්පත කසළ කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ මූලික සංවර්ධන කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇත.
මෙහි අඩංගු ප්‍රධාන සංවර්ධන කටයුතු ලෙස,
🔹 දඹගහ උල්පත කසළ කළමනාකරණ මධ්‍යස්ථානය අසල අලි වැට සකස් කිරීම
🔹 කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
🔹 සෝලා පද්ධතියක් පිහිටුවීම
🔹 ZD ඇළ මාර්ගයේ සිට දඹගහ උල්පත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
යන කාර්යයන් ක්‍රියාත්මක කර ඇත.
පරිසර හිතකාමී හා විධිමත් කසළ කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වා දෙමින්, මෙම මධ්‍යස්ථානය ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙසද ඉදිරියේදී සක්‍රීය කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මඟින්,
✅ ප්‍රදේශයේ පිරිසිදුභාවය වර්ධනය වේ
✅ ජනතා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වේ
✅ පරිසර සංරක්ෂණය ශක්තිමත් වේ
✅ ප්‍රදේශීය සභාවට නව ආදායම් මාර්ග උදා වේ
දිඹුලාගල ජනතාවගේ යහපත් අනාගතය වෙනුවෙන් සංවර්ධන ගමන අඛණ්ඩව ඉදිරියට…!
🌱 පිරිසිදු දිඹුලාගලක් – සෞභාග්‍යමත් හෙටක් ♻️