18/09/2025

📘 පළාත් පාලන ආයතන සේවා දැනුවත් කිරීමේ වැඩසටහන

slider image

 අරලගංවිල නගරය


📘 පළාත් පාලන ආයතන සේවා දැනුවත් කිරීමේ වැඩසටහන

🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 | 💰 ආදායම් ප්‍රවර්ධන දිනය සමගාමීව

පළාත් පාලන සතිය – 2025 යටතේ
“පුනරුදයේ පුරවර” තේමාව පාදක කරගනිමින්,
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්
ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව
විශේෂ වැඩසටහනක් 2025.09.18 දින
අරලගංවිල නගරය මූලික කරගෙන පැවැත්විනි.

මෙහිදී පළාත් පාලන ආයතන මඟින් සපයන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම,
එම සේවාවන් ලබා ගැනීමේදී ජනතාව පිළිපැදිය යුතු ක්‍රම හා ප්‍රතිපාදන පිළිබඳව
විස්තරාත්මකව පැහැදිලි කිරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන මගින් ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන විවිධ සේවාවන් පිළිබඳ
ජනතාවට විශේෂ අත්පත්‍රිකා මඟින් දැනුවත් කිරීමත්,
පොදු සේවාවන් සම්බන්ධයෙන් විශාල සහභාගීත්වයක් ලබාගැනීමත් සිදු විය.

📅 2025 සැප්තැම්බර් 18 | 📍 අරලගංවිල නගරය | 🗂️ සේවා දැනුවත් කිරීමේ වැඩසටහන

Top