27/12/2025
🗺️✨ දිස්ත්‍රීක් සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන 🌿
මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රය
දිස්ත්‍රික් සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මහවැලි “බී” කලාපීය සැලැස්මේ සඳහන් දිඹුලාගල / වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් සංචාරක ආකර්ෂණීය ස්ථාන හා අත්දැකීම් පදනම් කරගත් විශේෂ වැඩසටහන් මාලාවේ තෙවන දිනය ලෙස, 2025.12.27 වන දින සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා සිය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමේ වැඩමුළුවක් මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩමුළුව සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ ගරු ස්වාමීන් වහන්සේලාද,
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් රත්නසිරි මැතිතුමාද,
පොළොන්නරුව දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මැතිතුමාද,
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා දිසාපතිතුමාද,
පළාත් අග්‍ර ආණ්ඩුකාර ලේකම්තුමාද,
විශ්වවිද්‍යාල රැසක මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්,
දිඹුලාගල හා වැලිකන්ද ප්‍රාදේශීය සභාවන්හි ගරු සභාපතිවරුන් ප්රමුඛ මන්ත්‍රීවරු රැසක්,
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය,
දිඹුලාගල හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු දෙපළ ඇතුළු නිලධාරීන්,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂකතුමිය ඇතුළු නිලධාරීන්,
වනජීවී දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරන නිලධාරීන්,
එසේම දිඹුලාගල සංචාරක සංගමයේ සභාපතිතුමා ඇතුළු එහි නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.