22/06/2026
🛣️✨ කොළොන්කැලේ ගම්මානයට නව ජීවයක් ලබාදෙමින් මාර්ග සංවර්ධන කටයුතු ඇරඹේ ✨🛣️
අරලගංවිල කොළොන්කැලේ ගම්මානය
🛣️✨ කොළොන්කැලේ ගම්මානයට නව ජීවයක් ලබාදෙමින් මාර්ග සංවර්ධන කටයුතු ඇරඹේ ✨🛣️
246 – අරලගංවිල බටහිර ග්‍රාමසේවා වසමේ කොළොන්කැලේ ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූ අබලන් මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1 ක ප්‍රතිපාදන මුදලක් වෙන් කර ඇති අතර, මාර්ගයට ග්රැවෙල් යොදා සංවර්ධනය කිරීම සිදු කෙරේ. මෙම සංවර්ධන කටයුත්ත මගින් ගම්වාසීන්ගේ දෛනික ගමනාගමන පහසුව වැඩිදියුණු වීම, පාසල් දරුවන්ට හා ගොවීන්ට පහසු ප්‍රවේශයක් හිමිවීම මෙන්ම ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇත.
🌱 ගමේ ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, වඩාත් පහසු හා ආරක්ෂිත ගමන් මගක් උදාකර දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.