02/06/2026

🪔🌼 දහම් දැනුම, භක්තිය සහ ගුරු සේවය ඇගයීම🌼🪔

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


🪔🌼 දහම් දැනුම, භක්තිය සහ ගුරු සේවය ඇගයූ අගනා අවස්ථාවක් 🌼🪔

දිඹුලාගල බලප්‍රදේශයේ කොට්ඨාස දෙකක් නියෝජනය කරමින් දහම් පාසල් 11ක දුවා දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද බැති ගී තරගාවලිය, තරග ජයග්‍රාහකයින් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම, සහ වසර 20කට අධික කාලයක් දහම් අධ්‍යාපනය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළ දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන් ඇගයීම හා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය 2026.05.31 දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

🙏 මෙම වැඩසටහන තුළින් දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීම මෙන්ම, දශක ගණනාවක් පුරා අනාගත පරපුර සදහා ධර්ම දානයේ නිරත වූ දහම් පාසල් ගුරුභවතුන්ගේ කැපවීම හා සේවය ගෞරවයෙන් ඇගයීමට ලක් කිරීම සිදු කෙරිණි.

✨ මෙම අවස්ථාවට ▪️ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මැතිතුමන් ▪️ පොලොන්නරුව මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමන් ▪️ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ▪️ කොට්ඨාස මන්ත්‍රීවරුන් ▪️ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

🌿 බුදු දහමේ අගයන් සමාජගත කරමින්, දරුවන්ගේ කුසලතා දිරිමත් කිරීමත්, ගුරුභවතුන්ගේ අමිල සේවය ඇගයීමත් අරමුණු කරගත් මෙම වැඩසටහන සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක් වූ සාර්ථක උත්සවයක් බවට පත්විය.

🙏📖 “ධර්මය රකින පරපුරක් ගොඩනැගීමේ පදනම දහම් අධ්‍යාපනයයි.” 📖🙏

Top