21/05/2026

212 නව මිල්ලාන කනත්ත මාර්ගය අන්තර් සම්බන්ධිත ගල් (Interlock) අතුරා සංවර්ධනය

slider image

 212 නව මිල්ලාන කනත්ත මාර්ගය


212 නව මිල්ලාන කනත්ත මාර්ගය අන්තර් සම්බන්ධිත ගල් (Interlock) අතුරා සංවර්ධනය කිරීමේ මූලික කටයුතු අද දින ආරම්භ කෙරිණි. 🧡💪

ප්‍රදේශවාසී ජනතාව දිගුකාලීනව මුහුණ දුන් ගමනාගමන අපහසුතා අවම කිරීම සහ කනත්ත වෙත ප්‍රවේශය පහසු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. වර්ෂා කාලයේදී මඩ සහිත හා අසීරු තත්ත්වයට පත්වන මෙම මාර්ගය, අන්තර් සම්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු ජනතාවට ආරක්ෂිත හා පහසු ගමනාගමනයක් හිමිවනු ඇත.

මෙම සංවර්ධන කටයුතු හරහා ප්‍රදේශයේ යටිතල පහසුකම් ශක්තිමත් කරමින් ජනතාවගේ දෛනික ජීවිතයට වැඩි පහසුවක් සැලසීමට අපේක්ෂා කෙරේ. ජනතා අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියාත්මක වන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය. 🧡

📅 2026 සංවර්ධන ව්‍යාපෘති 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top