🌿🌍♻️ ජගත් පරිසර දිනයට සමගාමීව පාසල් පරිසර බට දුවා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි ♻️🌍🌿
“දේශගුණික විපර්යාස අවම කිරීමට පෙළගැසෙමු” යන තේමාව මුල් කර ගනිමින්, 2026 ජගත් පරිසර දිනයට සමගාමීව දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” වැඩසටහන යටතේ, පරිසර සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ “පිවිතුරු පුරවර” වැඩසටහන පිළිබඳ පාසල් පරිසර බට දුවා දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026.06.08 දින අරලගංවිල මහවැලි රංග ශාලාවේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
වර්තමානයේ ලෝකය මුහුණ දෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය, වනාන්තර විනාශය, ජල හා වායු දූෂණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලු සහ ජෛව විවිධත්වයට එල්ල වන තර්ජන පිළිබඳව දරුවන් දැනුවත් කරමින්, පරිසරය ආරක්ෂා කිරීම සඳහා තරුණ පරපුරේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වීම, අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ කළමනාකරණය කිරීම, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ගස් රෝපණය ප්‍රවර්ධනය කිරීම, ජල සම්පත් සුරැකීම, පිරිසිදු පාසල් හා පිරිසිදු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා දරුවන්ගේ වගකීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම වැඩසටහන සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහ පරිසර කමිටුවේ සභාපති උපාලි රත්නායක මහතා, දිඹුලාගල කලාපයේ පරිසර කොට්ඨාස කොමසාරිස් සහ පොලොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ ආචාර්ය T.M. දයා කල්‍යාණි ගුරුමහත්මිය, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ පරිසර විෂය භාර නිලධාරිනී G.S.G. වෙලගෙදර මහත්මිය, වැඩ පරීක්ෂක මහින්ද බණ්ඩාර මහතා, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, පරිසර බට දුවා දරුවන් සහ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
වැඩසටහනේ ප්‍රධාන දේශිකාව ලෙස කටයුතු කළේ දිඹුලාගල කලාපයේ පරිසර කොට්ඨාස කොමසාරිස් සහ පොලොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ ආචාර්ය T.M. දයා කල්‍යාණි ගුරුමහත්මිය වන අතර, දේශගුණික විපර්යාසයන්ගේ හේතු සහ ප්‍රතිවිපාක, පරිසර සංරක්ෂණයේ වැදගත්කම, පාසල් පරිසර බට කණ්ඩායම්වල කාර්යභාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා තරුණ පරපුරේ වගකීම් පිළිබඳව වටිනා දැනුමක් සහ මගපෙන්වීමක් ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා මැදගම මහා විද්‍යාලය, විලයාය ජාතික පාසල, දම්මින්න මහා විද්‍යාලය, මාදුරුඔය මහා විද්‍යාලය, අලවාකුඹුර මහා විද්‍යාලය සහ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් පරිසර බට දරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳවද දැනුවත් කෙරිණි.
මෙවැනි වැඩසටහන් හරහා පාසල් දරුවන් තුළ පරිසරය පිළිබඳ සංවේදීත්වය වර්ධනය කිරීම, පරිසර හිතකාමී ආකල්ප ඇති කිරීම, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පුද්ගල මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග හඳුන්වා දීම සහ අනාගත පරපුරට හරිත, සෞඛ්‍ය සම්පන්න හා තිරසාර පරිසරයක් උරුම කර දීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම වැඩසටහනේ වැදගත් ප්‍රතිඵලයක් විය.
🌱 “අද අප සුරකින පරිසරය, හෙට දවසේ දරුවන්ගේ ජීවිතය සුරකියි.” 🌱
පරිසරය සුරැකීම සියලු දෙනාගේම වගකීමක් බව අවධාරණය කරමින්, ජනතාව සහ පාසල් ප්‍රජාව එක් කර ගනිමින් පිරිසිදු, හරිත හා තිරසාර දිඹුලාගලක් ගොඩනැගීම වෙනුවෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාව අඛණ්ඩව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.
🌿♻️ දිඹුලාගල ප්‍රාදේශීය සභාව
“පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” 🌍
🌿♻️World Environment Day 2026 – Environmental Awareness Programme for School Environmental Brigades🌿♻️
Under the theme “Unite to Mitigate Climate Change”, and in line with World Environment Day 2026, an environmental awareness programme was successfully conducted on 08 June 2026 at the Aralaganwila Mahaweli Auditorium under the “Clean Breath – Clean Environment” initiative implemented by the Dimbulagala Pradeshiya Sabha.
The programme aimed to educate School Environmental Brigade students on environmental conservation, proper waste management, climate change mitigation, sustainable living practices, and the objectives of the “Pivithuru Purawara” (Clean City) Programme. Special attention was given to creating awareness among students regarding the importance of protecting natural resources, reducing plastic pollution, maintaining a clean environment, and promoting environmentally responsible behaviors.
The event was held with the participation of the Chairman of the Dimbulagala Pradeshiya Sabha, Environmental Committee Chairman and Member Mr. Upali Rathnayake, Environmental Zone Commissioner of Dimbulagala and teacher of Royal Central College, Polonnaruwa, Dr. T.M. Daya Kalyani, Environmental Subject Officer Mrs. G.S.G. Welagedara, Work Supervisor Mr. Mahinda Bandara, school principals, teachers, students, and staff members of the Dimbulagala Pradeshiya Sabha.
The resource person and keynote speaker of the programme was Dr. T.M. Daya Kalyani, who delivered an insightful session on climate change, environmental challenges, biodiversity conservation, waste management, and the role of young generations in building a sustainable future.
Students representing Madagama Maha Vidyalaya, Wilayaya National School, Damminna Maha Vidyalaya, Maduru Oya Maha Vidyalaya, Alawakumbura Maha Vidyalaya, and Leelarathna Wijesinghe Maha Vidyalaya actively participated in the programme and gained valuable knowledge on environmental protection and sustainable development.
This programme successfully encouraged students to become active environmental stewards and highlighted the collective responsibility of protecting the environment for future generations.
🌱 “The environment we protect today is the future we preserve tomorrow.” 🌱
Dimbulagala Pradeshiya Sabha
🌿 Clean Breath – Clean Environment ♻️
🌿♻️உலக சுற்றுச்சூழல் தினம் 2026 – பாடசாலை சுற்றுச்சூழல் படையினருக்கான விழிப்புணர்வு நிகழ்ச்சி🌿♻️
“காலநிலை மாற்றத்தை குறைக்க ஒன்றிணைவோம்” என்ற கருப்பொருளின் அடிப்படையில், உலக சுற்றுச்சூழல் தினம் 2026 ஐ முன்னிட்டு, திம்புலாகல பிரதேச சபையினால் நடைமுறைப்படுத்தப்படும் “தூய்மையான சுவாசம் – தூய்மையான சுற்றுச்சூழல்” திட்டத்தின் கீழ், 2026.06.08 அன்று அரலகன்வில மகாவலி அரங்கில் சுற்றுச்சூழல் விழிப்புணர்வு நிகழ்ச்சி வெற்றிகரமாக நடைபெற்றது.
இந்நிகழ்ச்சியின் முக்கிய நோக்கம் பாடசாலை சுற்றுச்சூழல் படை மாணவர்களுக்கு சுற்றுச்சூழல் பாதுகாப்பு, கழிவு முகாமைத்துவம், காலநிலை மாற்றத்தை குறைக்கும் நடைமுறைகள், நிலைத்திருக்கும் வாழ்க்கை முறை மற்றும் “பிவிதுரு புரவர” திட்டத்தின் முக்கியத்துவம் குறித்து விழிப்புணர்வு ஏற்படுத்துவதாகும்.
இந்நிகழ்வில் திம்புலாகல பிரதேச சபையின் தலைவர், சுற்றுச்சூழல் குழுத் தலைவர் மற்றும் உறுப்பினர் திரு. உபாலி ரத்நாயக்க, திம்புலாகல வலய சுற்றுச்சூழல் பிரிவு ஆணையாளர் மற்றும் பொலன்னறுவை ரோயல் மத்திய கல்லூரியின் ஆசிரியரான டாக்டர் T.M. தயா கல்யாணி, சுற்றுச்சூழல் உத்தியோகத்தர் திருமதி G.S.G. வெலகெதர, பணிப்பார்வையாளர் திரு. மகிந்த பண்டார, பாடசாலை அதிபர்கள், ஆசிரியர்கள், மாணவர்கள் மற்றும் திம்புலாகல பிரதேச சபை ஊழியர்கள் கலந்து கொண்டனர்.
இந்நிகழ்ச்சியின் வளவாளரும் பிரதான பேச்சாளருமான டாக்டர் T.M. தயா கல்யாணி, காலநிலை மாற்றம், சுற்றுச்சூழல் பாதுகாப்பு, உயிரியல் பல்வகைமையின் முக்கியத்துவம், கழிவு முகாமைத்துவம் மற்றும் நிலையான எதிர்காலத்தை உருவாக்குவதில் இளைஞர்களின் பங்கு குறித்து விரிவான விளக்கங்களை வழங்கினார்.
மடகம மகா வித்தியாலயம், விலயாய தேசிய பாடசாலை, தம்மின்ன மகா வித்தியாலயம், மாதுருஓயா மகா வித்தியாலயம், அலவாகும்புர மகா வித்தியாலயம் மற்றும் லீலாரத்ன விஜேசிங்க மகா வித்தியாலயம் ஆகிய பாடசாலைகளின் மாணவர்கள் இந்நிகழ்ச்சியில் பங்கேற்று சுற்றுச்சூழல் பாதுகாப்பு தொடர்பான பயனுள்ள அறிவைப் பெற்றனர்.
இந்நிகழ்ச்சி மாணவர்களை சுற்றுச்சூழல் பாதுகாப்பில் செயற்பாட்டாளர்களாக உருவாக்குவதற்கும், எதிர்கால சந்ததியினருக்காக ஆரோக்கியமான மற்றும் நிலையான சுற்றுச்சூழலை பாதுகாப்பதன் அவசியத்தை வலியுறுத்துவதற்கும் முக்கிய பங்களிப்பை வழங்கியது.
🌱 “இன்று நாம் பாதுகாக்கும் சுற்றுச்சூழலே நாளைய தலைமுறையின் எதிர்காலத்தை பாதுகாக்கும்.” 🌱
திம்புலாகல பிரதேச சபை
🌿 தூய்மையான சுவாசம் – தூய்மையான சுற்றுச்சூழல் ♻️
#dimbulagalapradeshiyasabha #WorldEnvironmentDay2026 #ClimateAction #BeatClimateChange #CleanBreathCleanEnvironment #PivithuruPurawara #EnvironmentalAwareness #SchoolEnvironmentBrigade #GreenFuture #ProtectNature #DimbulagalaPradeshiyaSabha #EnvironmentWeek2026 #SustainableDevelopment #SriLanka 🌿♻️🌍🍃 #DPS #dps_media