21/01/2026

8 වන සංචාරක කණ්ඩායම දිඹුලාගලට…! 👇💜️

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


8 වන සංචාරක කණ්ඩායම දිඹුලාගලට…! 👇💜️

දිඹුලාගල කන්ද තරණය කිරීම සහ දළුකාන වැව ආශ්‍රිත කදවුරු බැඳීම සඳහා පැමිණෙන විදෙස් සංචාරකයින්ට අවශ්‍ය මූලික සේවාවන් සැපයීම දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රමානුකූලව සහ වගකීමෙන් සිදුකරමින් පවතී.
සොබාදහමේ අලංකාරය, පාරිසරික පවිත්‍රතාවය, සාමකාමී පරිසරය සහ දේශීය ආගන්තුක සත්කාරය සමඟින් දිඹුලාගල මේ වන විට විදෙස් සංචාරකයින් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත.
විශේෂයෙන්ම 2026 ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 100 කට අධික පිරිසක් දිඹුලාගලට පැමිණීම එම ජනප්‍රියතාවය පැහැදිලිව පෙන්වා දෙයි. මෙවැනි සංචාරක ගමන් මඟින් ප්‍රදේශයේ සංචාරක ආර්ථිකය ශක්තිමත් වීමත්, දේශීය ජනතාවට නව ආදායම් අවස්ථා විවර වීමත් සිදුවෙමින් පවතී.

දිඹුලාගල –
🌿 සොබාදහමට ආදරය කරන සංචාරකයින්ගේ නව ගමනාන්තය
🌄 අත්විඳින සංචාරක අත්දැකීම් රැසක එකතුව

Top