31/07/2026

පුංචි අපේ ඇසළ පෙරහැර 2026

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල


🌕🙏 පුංචි අපේ ඇසළ පෙරහැර 2026 🙏🌕
ඇසළ පොහොය දිනය නිමිත්තෙන් දිඹුලාගල ප්රාදේශීය සභා පෙරපාසලේ සංවිධානය කළ “පුංචි අපේ ඇසළ පෙරහැර” අද දින ඉතා උත්කර්ෂවත් අයුරින් සාර්ථකව පැවැත්විණි.
බෞද්ධ සංස්කෘතික වටිනාකම් හා සම්ප්රදායන් කුඩා දරුවන්ට සමීප කරවීමේ අරමුණින් සංවිධානය කළ මෙම පෙරහැර සඳහා පෙරපාසල් දරු දැරියන් ඉතා උද්යෝගයෙන් සහභාගී වූ අතර, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ ආරාධිත පිරිසගේ සහභාගීත්වයෙන් එය වඩාත් අලංකාරවත් විය.
දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ විසින් දරුවන්ට සහ පැමිණි පිරිසට අර්ථවත් කෙටි ධර්ම දේශනයක් පවත්වමින්, සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම පිළිබඳ වටිනා අනුශාසනාවක් ද ලබා දෙන ලදී.
අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, දරුවන් තුළ ආගමික හා සදාචාරාත්මක ගුණාංග වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් මහඟු පිටුවහලක් වේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ දිඹුලාගල ආරණ්ය සේනාසනයේ ස්වාමීන් වහන්සේට, ගුරු මණ්ඩලයට, දෙමාපියන්ට සහ සියලුම සහභාගි වූ පිරිසට දිඹුලාගල ප්රාදේශීය සභාවේ ස්තූතිය පුද කරමු.
🌼 සිරි සදහම් සුවඳින් පිරිපුන් සුබ ඇසළ පොහෝ දිනයක් වේවා!

Top