04/01/2026

🌊🎒 ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහන 💙

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල් පරිශ්‍රය


ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පෙරපාසල් දරුවන්ටත්, අවට ගම්මානවල අඩු ආදායම්ලාභී පාසල් දරුවන් සියයකට අධික පිරිසකටත් පාසල් උපකරණ බෙදාදීමේ මහඟු සමාජ සත්කාරක වැඩසටහනක් 2025/12/27 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වටිනා ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් බලයලත් මිනින්දෝරු, Global GIS ආයතනයේ අධිපති නිශ්ශංක ද සිල්වා මහතාටත්, එම පවුලේ සියලු දෙනාටත්, මෙම සත්කාරය සම්බන්ධීකරණය කිරීම සඳහා කැපවී කටයුතු කළ බලයලත් මිනින්දෝරු නිරෝශන් චන්ද්‍රසේන මහතාටත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කර සිටිමු.

Top