19/04/2026

🌾🎶බක්මහ උලෙළ සහ සංගීත ප්‍රසංගය🎉

slider image

 වරාපිටිය ගල්එළිය ක්‍රීඩාංගනය


 

🎉🌾 දිඹුලාගලට අවුරුදු සිරිය ගෙන ආ බක්මහ උලෙළ සහ සංගීත ප්‍රසංගය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි! 🌾🎶

වරාපිටිය නිර්මාණශීලී සංසදය සහ දිඹුලාගල ප්‍රදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද බක්මහ උලෙළ හා සංගීත ප්‍රසංගය 2026 අප්‍රේල් මස 19 වන දින ගල්එළිය ක්‍රීඩාංගනයේදී අති උත්සවාකාරයෙන්, ජනතා සහභාගීත්වයෙන් සහ සතුටු සිනාහවෙන් පිරි වාතාවරණයකදී සාර්ථකව පැවැත්වුණි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් සංවිධානය කරන ලද මෙම උත්සවය තුළ අපේ රටේ සම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, ජන ක්‍රීඩා, සංස්කෘතික අංග, විනෝදාත්මක වැඩසටහන් සහ රසවත් සංගීත ප්‍රසංග රැසක් පැවැත්වුණු අතර, සියලු වයස් කාණ්ඩයන්ට අයත් ජනතාව විශාල වශයෙන් සහභාගී වී උත්සවයේ අලංකාරය තවදුරටත් ඉහළ නැංවීය.

දවස පුරා පැවැති මෙම වැඩසටහන තුළ කුඩා දරුවන්ට සිට වැඩිහිටියන් දක්වා සැමට විනෝද විය හැකි අංග රැසක් සකස් කර තිබූ අතර, ගම්වාසීන් අතර සහෝදරත්වය, එකමුතුකම හා සමාජ බැඳීම තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක් බවට මෙය පත්විය.

මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ප්‍රාදේශීය මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමන් ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී උත්සවය සාර්ථක කර ගැනීමට දායක වූහ.

සංස්කෘතිය, සතුට හා එකමුතුකම එක් කළ මෙවැනි උත්සවයන් ඉදිරියටත් දිඹුලාගල ප්‍රදේශයට ශක්තියක් වේවා! 🌸✨

Top