19/09/2025
🎨 දරුවන්ගේ චිත්‍ර තරඟය – සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය
දිඹුලාගල ප්‍රාදේශීය සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානය
🎨 දරුවන්ගේ චිත්‍ර තරඟය – සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය
🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 | 🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්,
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව
“පුනරුදයේ පුරවර” තේමාව යටතේ
සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය සමරන අයුරින්
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින්
ප්‍රාථමික අංශයේ දුවා දරුවන්ගේ චිත්‍ර තරඟය 2025.09.19 දින
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්විනි.
මෙහිදී බල ප්‍රදේශයේ පාසල් මට්ටමින් තෝරාගත් දරුවන්ගේ දක්ෂතා විදහා දැක්වීම සිදු වූ අතර,
ජයග්‍රහණය කළ දරුවන් 9 දෙනෙකු විශේෂ ඇදුරු මඩුල්ලකගේ විනිශ්චය මත තෝරා පත් කරන ලදී.
තරඟය හරහා දරුවන්ගේ පිළිවෙල, සමාජ සම්බන්ධතාවය හා
නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
සහභාගී වූ සියලු දරුවන්ට සහතික පත් පිරිනැමීමත්,
ජයග්‍රහණය කළ දරුවන්ට කුසලාන උත්සවාකාරයෙන් පිරිනැමීමේ කටයුතු ද සම්පාදනය කර ඇත.