26/12/2025
🏞️🔍 දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංචාරක ආකර්ෂණීය ස්ථාන නිරීක්ෂණය 🌿✨
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දිස්ත්‍රික් සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මහවැලි “බී” කලාපීය සැලැස්මේ සඳහන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංචාරක ආකර්ෂණීය ස්ථාන හා අත්දැකීම් පදනම් කරගත් විශේෂ වැඩසටහන් මාලාවේ දෙවන දිනය 2025.12.26 දින පැවැත්විනි.
එදින දානිගල, සෙබඩ ඇල්ල (අලවාකුඹුර ඇල්ල), මාදුරුඔය ජලාශය හා පිඹුරත්තෑව යන සංචාරක ආකර්ෂණීය ස්ථාන නිරික්ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට සම්පත් දායකයෙකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශම්මික ලියනගේ මහතා සහභාගී වූ අතර, මෙම වැඩසටහනට ප්‍රධානත්වය මහවැලි අධිකාරිය විසින් ලබා දෙන ලදී.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටී.බී. සරත් මහතා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරී පිරිස, දිඹුලාගල ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සභාපතිතුමන්, ලේකම්තුමන් සහ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.