02/06/2026
🏡 “ගම් දහසක වැඩ දහසක්” 🏡-අරලගංවිල නගරය
අරලගංවිල නගරය
✨ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ✨
🌱 ප්‍රජා ශක්ති 2026 🌱
🏡 “ගම් දහසක වැඩ දහසක්” 🏡
ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය අවම කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින්, මහජන බදු මුදල් රුපියල් මිලියන 25,000ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජා ශක්ති 2026 – ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන 2026 ජූනි 02 වන දින දිවයින පුරා ගම්මාන දහසක සමගාමීව ආරම්භ කෙරිණි.
📍 එහි සමාරම්භක වැඩසටහනක් අද දින අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ජනතා ජීවනෝපාය ශක්තිමත් කිරීම, සමාජ සවිබල ගැන්වීම හා ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.
🏛️ මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් සංවිධානය කර මෙහෙයවනු ලැබීය.
👥 මෙම අවස්ථාවට,
🔹 සුනිල් රත්නසිරි මැතිතුමන්,
🔹 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්,
🔹 කොට්ඨාස මන්ත්‍රීවරුන්,
🔹 ප්‍රාදේශීය සභා ලේකම්තුමන් සහ කාර්ය මණ්ඩලය,
🔹 දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්තුමිය,
🔹 රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
🤝 ජනතා සහභාගීත්වය මත ගොඩනැගෙන ශක්තිමත් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙම වැඩසටහන මහඟු පිටුවහලක් වනු ඇත.