19/06/2026

🦟🚫 ඩෙංගු මර්දනයට එක්වෙමු – පිරිසිදු පරිසරයක්, සුරක්ෂිත හෙටක්! 🌿✨

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල


නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති මෙවන් අවස්ථාවක, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.

ඒ අනුව, 2026.06.17 වන අද දින, දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් සිංහල මාධ්‍ය පෙරපාසලේ දූ දරුවන් , දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය සේවක මණ්ඩලයත් සමඟ පෙරපාසල් භූමිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීම, පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම සහ දරුවන් තුළ සෞඛ්‍යාරක්ෂිත පුරුදු වර්ධනය කිරීම යන කාර්යයන් සිදු කරන ලදී.

🌱 අද දින කළ කුඩා ක්‍රියාවක් හෙට දින විශාල ආරක්ෂාවක් බවට පත්වේ. අපගේ නිවස, පාසල සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු රෝගයෙන් තොර සමාජයක් ගොඩනැගීමට අපි සියලු දෙනාම එකමුතු වෙමු.

🧡 “පිරිසිදු පරිසරය – සුවදායී ජීවිතය” 🧡

 

Top