📍 දිඹුලාගල ප්‍රදේශීය සභාව
⛏️ ජනතා සුබසාධනය හා සංවර්ධනය වෙනුවෙන් සාර්ථකව ක්‍රියාත්මක වන වැලි කැනීම් ව්‍යාපෘතිය 💪🧡
දිඹුලාගල ප්‍රදේශීය සභාව මගින් ජනතාවගේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද වැලි කැනීම් ව්‍යාපෘතිය, ආරම්භක පළමු කාර්තුව අවසන් වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්ව තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා පළමු කාර්තුව තුළ පමණක් රුපියල් මිලියන 27 ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති අතර, එම ආදායම ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සහ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන තුළින් ප්‍රදේශයේ කම්කරු ජනතාවටද සෘජුව ආර්ථික ප්‍රතිලාභ හිමි වී තිබේ. වැලි ගොඩ දැමීමේ කටයුතු වල නිරත වූ බල ප්‍රදේශයේ කම්කරු ජනතාව සහ මංකඩ ක්‍රියාකරුවන් වෙත රුපියල් ලක්ෂ 94 ක මුදලක් ගෙවා ඇති අතර, එමඟින් ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටද මෙම ව්‍යාපෘතිය දායක වී ඇත.
එමෙන්ම රජයට අයත් ආයතන සඳහා නියමිත ගාස්තු හා රාජ්‍යභාග ගෙවීම්ද නිසි පරිදි සිදු කර තිබේ.
🔸 භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වෙත රාජ්‍යභාගය ලෙස රුපියල් ලක්ෂ 26 ක මුදලක් ගෙවා ඇත.
🔸 මහවැලි අධිකාරිය වෙත භූමි පරිහරණ ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් ගෙවා තිබේ.
මෙම සියලු වියදම් වලින් අනතුරුව දිඹුලාගල ප්‍රදේශීය සභාවට රුපියල් මිලියන 13 කට ආසන්න ලාභයක් හිමිව ඇති අතර, එම මුදල් ප්‍රදේශයේ අබලන් මාර්ග නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම සහ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම, දිඹුලාගල බල ප්‍රදේශයේ බොහෝ මාර්ග දීර්ඝ කාලයක සිට අබලන් තත්ත්වයේ පැවති අතර, ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විශාල අපහසුතා ඇති වී තිබිණි. මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායම ජනතාවගේම අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම තුළින් ප්‍රදේශයේ සංවර්ධනයට නව පියවරක් තැබීමට හැකි වනු ඇත.
ජනතාවගේ දායකත්වය හා සහයෝගය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදා දීමට දිඹුලාගල ප්‍රදේශීය සභාව කටයුතු කරන අතර, ඉදිරියේදීද ජනතා හිතකාමී සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. 💪🧡
Top