20/01/2026

අරලගංවිල නගරයේ නව වෙළඳ ගොඩනැගිල්ල ඉදිකිරීම.

slider image

 අරලගංවිල නගරය


පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ, දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් අරලගංවිල නගරයේ නව වෙළඳ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා යෝජනා කර ගනිමින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදු කරන ලදී.

එම ව්‍යාපෘතියේ මුල්ගල තැබීමේ උත්සවය 2026 ජනවාරි 20 වන දින (අද දින) සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමන් ඇතුළු නිලධාරී මණ්ඩලය, ආරාධිත අමුත්තන් හා අරලගංවිල නගරයේ මහජනතාවගේ පුළුල් සහභාගීත්වයෙන් ගෞරවයෙන් හා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළමු වටයේ සුදුසුකම් සපුරාලීමෙන් ලබා දුන් රුපියල් මිලියන 10ක ප්‍රාග්ධන ප්‍රදානයක්ද, සභා අරමුදල් යටතේ වෙන් කර ගත් රුපියල් මිලියන 15ක මුදලක්ද එක් කරමින්, සමස්ත රුපියල් මිලියන 25ක වටිනාකමකින් යුත් විශාල ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම නව වෙළඳ ගොඩනැගිල්ල ඉදිකිරීම අද දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම නව වෙළඳ ගොඩනැගිල්ල ඉදිවීමත් සමඟ අරලගංවිල නගරයේ වෙළඳ හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් වීම, ප්‍රදේශීය ආර්ථිකය සක්‍රීය වීම, ස්වයං රැකියා අවස්ථා පුළුල් වීම සහ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් මාර්ග වර්ධනය වීම අපේක්ෂා කර ඇත. එමඟින් ප්‍රදේශයේ ජනතාවට නව පහසුකම්, නව අවස්ථා සහ තිරසාර සංවර්ධනයක් උරුම කර දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

Top