01/01/2026
🌅💼 2026 නව වසරේ රාජකාරි ආරම්භය 🙏
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
ලැබුවා වූ 2026 නව වර්ෂය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යථාර්ථයක් බවට පත් කිරීමට අදිටන් කරමින්, සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ගෞරවාන්විතව ආරම්භ කරන ලදී.
මහජනතාවට කාර්යක්ෂම, විශ්වාසනීය හා ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම අපගේ ප්රමුඛ අරමුණ වන අතර, එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් සේවය කරමින්, මෙම වසර පුරාවට ජනතාවට සහන රැසක් සපයමින් ජනජීවිතය තවදුරටත් පහසු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට අපි කැපවී සිටිමු.
ඔබ සැමට සුභ නව වසරක් වේවා
Top