28/07/2026
📚✨ දිඹුලාගල ප්රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්යත්ව සම්මන්ත්රණ වැඩසටහන


දිඹුලාගල ප්
රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්
යත්ව සම්මන්ත්
රණ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.


මෙවර 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට මුහුණ දෙන දරු දැරියන්ගේ අධ්යාපනික ජයග්රහණ ඉලක්ක කරගනිමින් දිඹුලාගල ප්රාදේශීය සභාව විසින් සංවිධානය කළ ශිෂ්යත්ව සම්මන්ත්රණ වැඩසටහන, 2026 ජූලි 28 වන දින මනම්පිටිය ප්රතිභා ශාලාවේදී ආරම්භ වී සාර්ථකව නිමාවට පත්විය.
මෙම සම්මන්ත්රණය ප්රවීණ ආචාර්ය ලලිත් සේනානායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලැබූ අතර, ශිෂ්යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්ය විෂය දැනුම, විභාග ක්රමෝපායන් සහ වටිනා මඟපෙන්වීම් රැසක් දරු දැරියන් වෙත ලබාදෙන ලදී.
වැඩසටහනේ ආරම්භක අවස්ථාව සඳහා දිඹුලාගල ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු ලේකම්තුමන් සහ ගරු ප්රාදේශීය සභා මන්ත්රීතුමිය සහභාගි වූහ.
එමෙන්ම, ඉහළ ලකුණු ලබාගත් දරු දැරියන් ඇගයීම සඳහා ත්යාග ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ගරු ප්රාදේශීය සභා මන්ත්රීනි රුවනි වාසනා මහත්මිය සහ ගරු ප්රාදේශීය සභා මන්ත්රී සුජීව ගමගේ මහතා ද සහභාගි වී දරු දැරියන් දිරිමත් කළහ.

අනාගතයේ විශිෂ්ට ජයග්
රහණ කරා යන දරු දැරියන්ගේ ගමනට ශක්තියක් වීමට දිඹුලාගල ප්
රාදේශීය සභාව නිරන්තරයෙන් කැපවී සිටී.

සියලුම දරු දැරියන්ට ශිෂ්
යත්ව විභාගයෙන් විශිෂ්ට ප්
රතිඵල ලබා ගැනීමට අපගේ හෘදයාංගම සුබ පැතුම්!
#DimbulagalaPradeshiyaSabha #Dimbulagala #ScholarshipSeminar #Grade5Scholarship #ScholarshipExam2026 #EducationMatters #EmpoweringStudents #StudentSuccess #AcademicExcellence #QualityEducation #FutureLeaders #LearningForSuccess #EducationForAll #SriLankaEducation #CommunityDevelopment #DPS #dps_media