12/01/2026
දිඹුලාගල පෙරපාසල සඳහා 2026 වර්ෂයට අදාළ නවක සිසුන් බඳවා ගැනීම
දිඹුලාගල පෙරපාසල පරිශ්‍රය
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ පවත්නා දිඹුලාගල පෙරපාසල සඳහා 2026 වර්ෂයට අදාළ නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2026 ජනවාරි 12 වන දින අති ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවාංගයෙන් පැවැත්විණි.
මෙම උත්සවය ආගමික වතාවත් හා සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ආරම්භ කරමින්, නවක සිසුන්ට ආශිර්වාද කිරීම හා ඔවුන්ගේ අධ්‍යාපන ගමනට සුබාශිංසන පිරිනැමීම මෙහි ප්‍රධාන අරමුණ විය. පෙරපාසල් අධ්‍යාපනයේ වැදගත්කම, දරුවන්ගේ මූලික සමාජීය හා ආචාරධර්මික ගුණාංග වර්ධනය කිරීම පිළිබඳවද මෙම අවස්ථාවේදී අවධානය යොමු කෙරිණි.
මෙම උත්සවයට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු රුවනි වාසනා ජයසුන්දර මන්ත්‍රීතුමිය, අදාළ වසමේ ග්‍රාම නිලධාරීතුමිය, පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය සහභාගී වී, පෙරපාසල් දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය හා ආරක්ෂාව පිළිබඳව වැදගත් උපදෙස් ද ලබා දුන්හ.
එමෙන්ම දෙමාපියන්ගේ සක්‍රීය දායකත්වය හා සහයෝගය මත, දරුවන්ට හිතකාමී, ආරක්ෂිත හා අධ්‍යාපනික වශයෙන් ප්‍රමිතියෙන් යුතු පරිසරයක් සැලසීම සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කෙරිණි.